colombotimes.lk
සිංහල | English

06 May 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනයට සම්බන්ධ වූ පනත් කෙටුම්පතට අනුමැතිය



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සකස් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබඳව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පක්ෂ නායකයින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුලත් කරමින්.

හිටපු කතානායක වරයා පැවසූවේ, පාර්ශව රැසකගේ අදහස් විමසමින් මෙරටට ගැලපෙන ලෙස අදාළ කෙටුම්පත සකස් කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ සියලු කටයුතුව ආවරණය වන පරිදි එය සකස් කර තිබෙනවා.

කතානායක කරූ ජයසූරිය මහතා මෙම පනත් කෙටුම්පත සකස් කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයෙක් වනවා.
(colombotimes.lk)