13 January 2026

logo

දිස්ත්‍රික්ක 8 ක ජනතාවට පානීය ජලය ලබාගැනීමේ ගැටලුවක්



දිස්ත්‍රික්ක 8 ක පවුල් 30,000කට වැඩි පිරිසක් මේ වන විට සුරක්ෂිත පානීය ජලය ලබාගැනීමට අසීරුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

පවතින වියළි කාලගුණය හේතුවෙන් යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල පවුල් 30,155ක් පානීය ජල හිඟයට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. 
 
එමෙන්ම දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 97,579 දෙනෙකු නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. 
 
යාපනයේ පුද්ගලයින් 69,000 කට අධික පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති අතර ජූනි මාසයේ සිට වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ චංකානයි ප්‍රදේශයයි. 
 
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බවයි. 
 
නිරිතදිග මෝසම් වර්ෂාව මේ වසරේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලබා නොදුන්නේ එල්නිනෝ බලපෑම නිසා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)