08 January 2026

logo

චෙක් ජනරජයෙන්, පින්නවලට අමුත්තන් එයි



සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ' එමු ' (Emu) පක්ෂීන් තිදෙනකු සහ 'රින් ටේල් ලීමර්' (Ring - Tailed Lemur) වදුරන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා. 

මාස 04 ක් පමණ වයසැති මෙම 'එමු' පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි පක්ෂීන් වර්ගයක් වනවා. 
 
'රින් ටේල් ලීමර්' වදුරන් මැඩගස්කරය නිජබිම කර ගත් ප්‍රදේශ වලට ආවේනික, වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති සර්ව භක්ෂක සතුන් විශේෂයක් බවයි පැවසෙන්නේ. 
 
අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වදුරන් දෙදෙනෙකු සහ අවුරුදු 11 ක් වයසැති ගැහැනු ලීමර් වදුරන් දෙදෙනෙකු මෙසේ එවා තිබුණා. 
 
මෙම සතුන් පින්නවල, වාගොල්ල සත්වෝද්‍යානයේ මාසයක කාළයක් නීරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව එම සත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)