අධිවේගී මාර්ග විකුණන තොරතුරු අසත්‍යක් බවත්, කිසිම සේවකයකුගේ රැකියා අහිමිවීමක් සිදු නොවන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
අධිවේගී මාර්ග පද්ධතිය සංවර්ධනය කර, දියුණු කිරීම හා නාස්තිය, දූෂණය හා අපතේ යාම වැළැක්වීම වෙනුවෙන් නව කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එම වැඩසටහන යටතේ අධිවේගී මාර්ග ආණ්ඩුවේ වත්කම් ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් සියයට සියයක් රජය සතු භාණ්ඩාගාරය යටතේ පවතින සමාගමක් වෙත පවරා ගැනීම සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදී කිසිදු සේවකයකුගේ රැකියා අහිමිවීමක් සිදු නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)