25 December 2025

logo

කුරුළු උණ වැළඳීමෙන් සිදු වූ පළමු මරණය වාර්තා වෙයි



මෙක්සිකෝවේ පුද්ගලයෙකු කුරුළු උණ හෙවත් H5N2 හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම පුද්ගලයා පසුගිය අප්‍රේල් මාසයේදී මියගොස් ඇති අතර ඔහුට වැළඳී ඇත්තේ කුරුළු උණ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව කුරුළු උණ හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය මෙයයි.

එම පුද්ගලයා වෛරසයට නිරාවරණය වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙක්සිකෝවේ කුකුළු මස්වල තිබී කුරුළු උණ වෛරසය සොයා ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)