19 January 2025


STF වෙනුවෙන් පළමු වරට මනෝවිද්‍යා ඒකකයක් ඇරඹේ



පොලිස් විශේෂ කාර්ය බළකාය වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට මනෝවිද්‍යා ඒකකයක් ආරම්භ කර තිබෙනවා.

පශ්චාත් යුධ සමයේදීත්, ආර්ථික අර්බුදකාරී සමයේදීත් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මානසික ගැටලු හා මත්ද්‍රව්‍ය ගැටලු සහ රැකියා පීඩනයන් හඳුනාගෙන ඇති බව සඳහන්.

එම තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා නිලධාරීන්ගේ මනස සවිමත් කිරීම මෙම ඒකකයේ අරමුණ බවයි වාර්තා වන්නේ.

මෙලෙස අලුතින් ඇරඹුණු මනෝවිද්‍යා ඒකකයට උපදේශන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 16 දෙනෙකු ද ඇතුලත්.

එම බළකාය සඳහන් කළේ, මේ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ පොලිස් පරීක්‍ෂකවරුන් ද සිටින බවයි.
(Colombotimes.lk)