22 February 2026

logo

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙක්



අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) අත්අඩංගුවට ගත් වෙඩික්කරු පිළිබඳව තොරතුරු රැසක් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ අදාළ වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙක් වන බවත් ඔහු 2009 වසරේදී ලබා දුන් පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වූ අයෙක් බවටත් විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

ඔහු වයස අවුරුදු 46ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)