22 February 2026

logo

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළී අනතුරක්



කැබ් රථයක් පාලමකින් පහළට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මොනරාගල - පොතුවිල් ප්‍රධාන මාර්ගයේ මොනරාගල නගරය ආසන්නයේදීයි.

අදාළ අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මොනරාගල පොලීසිය සඳහන් කළේ මෙම අනතුරින් කැබ් රථයට, පාලමට සහ මොනරාගල නගරයට ජලය ගෙන එන ප්‍රධාන ජල නල පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

(colombotimes.lk)