යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කොළඹ - මහනුවර මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදීයි.
අදාළ අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා ඇති අතර යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 21ක් වන දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
