15 October 2025

logo

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් අද (15) අළුයම් කාලයේදී මියගොස් තිබෙනවා.

ඒ පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේයි.

පස්සර ප්‍රදේශයේ පදිංච සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මරණකරු රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ බවයි.

(colombotimes.lk)