08 January 2026

logo

උසස්පෙළ නැවත සමීක්ෂණය සහ විභාගයට නැවත පෙනී සිටීම සඳහා අයදුම් කරන්නේ මෙහෙමයි



2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව ලබන 16 වන දින දක්වා නැවත සමීක්ෂණ සඳහා අපේක්ෂකයින්ට අයදුම් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ. 
 
විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම් කිරීමේ හැකියි. 
 
මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත ගියවර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වන දින සිට 16 වන දින දක්වා අවස්ථාව ලබාදී ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)