17 December 2025

logo

නිවාස අඩස්සියෙන් පැනගිය වෙඩික්කරුවෙකු නිසා නවසීලන්තය කැළඹෙයි (VIDEO)



නවසීලන්තයේ, ඕක්ලන්ඩ් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

තුවල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරියෙකුද සිටින බවයි වාර්තා වන්නේ. 
 
මේ වනවිට වෙඩි තැබීම සිදුකළ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. 
 
ඔහු ගෘහස්ත හිංසන චෝදනා යටතේ, නිවාස අඩස්සියේ සිටි 24 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ. 
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු මියගොස් සිට අතර ගොඩනැගිල්ලක ඉහළ මාලයේ තිබූ විදුලි සෝපානයක සිරවී සිටියා. 
 
වෙඩික්කරු නවසීලන්තයේ නීත්‍යානුකූල තුවක්කුවක් භාවිතා කර ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ. 
 
කෙසේ වෙතත්, මෙම තරුණයාට ගිනි අවි බලපත්‍රයක් නොතිබුණු බවද සඳහන්.
(colombotimes.lk)