11 June 2026

logo

දරුවන් හට මුඛ ආවරණ පළදවන ලෙස සෞඛ්‍ය අංශයෙන් දන්වයි



ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ එමනිසා එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙසයි.

එමෙන්ම අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියා.

ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා කියා සිටියේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවයි.  

(colombotimes.lk)