ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවන බව අයවැය කතාව ඉදිරිපති කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරන බවත් එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කර පසුව තවත් වෙන් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
එමෙන්ම බදුල්ලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක් ලබා දෙන බවත්'ඒ සඳහා රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරන බවත් සඳහන්.
මේ අතර සංචාරකයන් සඳහා දේශීය හා ආයුර්වේද සත්කාර ලබා ලබාදීම සඳහා හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරන බව ද ජනධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)