හොරණ සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසනවා.
අද (19) උදෑසන මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදීයි.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත දෙසට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර, මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසනවා.
(colombotimes.lk)
