05 February 2025


ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්



මෙම වසරේ ගතවූ කාලය තුළදී ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 5,459ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

එම සංඛ්‍යාව 849ක්.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 740ක් හඳුනාගෙන තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ මෙම වසරේ ඩෙංගු ආශ්‍රිත මරණ 2ක් වාර්තා වූ බවයි.

(colombotimes.lk)