colombotimes.lk
සිංහල | English

17 September 2024


ක්‍රිකට් තරගාවලියකදී තරග පාවාදීමේ චෝදනා මත ඉන්දීය ජාතිකයෙක්ට දඬුවම්



2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත ඉන්දීය ජාතික Akash Pachlodiaට වසර 04ක සිරදඬුවම් නියම කර එය වසර 10කට අත්හිටුවා තිබෙනවා.

ඒ මහනුවර මහාධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම මහනුවර මහාධිකරණය රුපියල් මිලියන 11ක දඩයක්ද ඔහුට නියම කර තිබෙනවා.

Akash Pachlodia 2024 මාර්තු මාසයේදී පැවති 2024 ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලානයේ පන්ජාබ් රෝයල් කණ්ඩායමේ කළමනාකරු කළා.

(colombotimes.lk)