colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times අභිමානවත් 5 වන සංවත්සර සැමරුම අදයි



ශ්‍රී ලංකාවේ Digital ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසම සම ප්‍රමුඛයා වන Colombo Times අභිමානවත් 5 වන සංවත්සරය අද (10) දිනයේදී සමරනවා.

මෙවර පස්වන සංවත්සරය වෙනුවෙන් Colombo Times High 5 තේමාව යටතේ විශේෂාංග රාශියක් ඔබ වෙත තිලිණ කරන්න Colombo Times කණ්ඩායම සූදානම්.

Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම සියලු විශේෂාංග පැවැත්වීමට නියමිතයි.

පසුගිය 5ස් වසර Colombo Times ආ මඟ පිළිබඳව අද සිහිපත් කළ යුතුමයි.

ලොව වටා සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශ්වසනීය තොරතුරු කොළඹ සිට පළමුව ඔබ වෙත සමීප කරවීමේ අරමුණින් 2018 ඔක්තෝම්බර් මස 10 වෙනිදා Colombotimes.lk ආරම්භ වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙබ් අඩවියක් ලෙස මාධ්‍ය ආචාර ධර්ම පිළිපදින අප ආරම්භක දිනයේ සිට අද වනතුරුම මීනි මැරුම්, අපයෝජන, සියදිවි හානි කරගැනීමේ සිදුවීම් වාරණය කළේ හෙට රට යහපත වෙනුවෙන්.

ආරම්භයේ සිටම නැවුම් අත්දැකීම් පරිශීලකයන්ට ලබාදීමට සමත් වූ අප WhatsApp හරහා පුවත් ලබාදීම ආරම්භ කළේ එහි ප්‍රමුඛයා බවට පත්වෙමින්.

අද වනවිට Colombo Times WhtsApp Group ගණන 200 ඉක්මවා ඇති අතර අප WhtsApp තුළ ලංකාවේ වැඩිම පරිශීලකයන් සතු පුවත් සන්නාමයයි.

මෙයින් නොනැවතුණු අපි Digital Notification තාක්ෂණය සහිත අපගේ Colombo Times Mobile App එක ඔබ වෙත හඳුන්වා දුන්නා.

Digital අවකාශය තුළ නොනැවතී ඉදිරියට යන අප Facebook, Twitter, Instagram සහ TikTok සමාජ මාධ්‍ය මෙන්ම YouTube තුළද සත්‍ය ජනතාකරණය වෙනුවෙන් පෙනී සිටිනවා.

බාධක, අභියෝග මැද මෙලෙස ආ ගමන් මඟේ අද දින අප පස්වන සංවත්සරය අභිමානයෙන් සමරනවා.

මේ සාඩම්බරය සමඟ ඉදිරියේදී Colombo Times පරිශීලකයන් වෙත තවත් නැවුම් ඩිජිටල් අත්දැකීම් රැසක් සමීප කරවීමට නියමිතයි.

ඉතින් ඔබේ හදවතේ, ඔබේ ජංගම දුරකතනයේ විශ්වාසය දිනු පුවත් සන්නාමය ලෙස ඉදිරියටත් ඔබට ගුණාත්මක බවින් ඉහළ සේවයක් ගෙන එන්නට Colombo Times අප සුදානම්.
(colombotimes.lk)