colombotimes.lk
සිංහල | English

22 October 2024


ප්‍රධාන ජලාශ 37ක් වාන් මට්ටමට



දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, රාජාංගනය, යාන්ඔය, රෑ මැඩිල්ල, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 37ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (කලමනාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවා. 

ඒ පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්. 
 
මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා. 
 
ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි ලක්ෂ 23 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය පැවසුවා.
(colombotimes.lk)