මීට වසර 4,000 කට පෙර පෘථිවියෙන් වඳවී ගිය මැමත් සතුන් නැවත නිර්මාණය කිරීම සඳහා ඇමරිකානු ආයතනයක් සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ආසියානු අලියා සහ මැමත් යන සතුන් දෙදෙනාගේ ජාන මේ සඳහා යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන ගණනක මූල්‍ය සැපයුමක් මේ වනවිට ලැබී ඇති බවද සඳහන්.
මැමත් සත්ත්වයන් යළි නිර්මාණය කිරීමට නම් මැමත් කළලයක් නිර්මාණය කළ යුතු බවද එම ආයතනය පවසනවා.
නමුත් මෙම සතුන් වර්තමාන පෘථිවි පරිසරයට (විශේෂයෙන් වනාන්තර වලට) අනුගත වන ආකාරය තවමත් නිසැකවම පැවසිය නොහැකි බවයි වාර්තා වන්නේ.
මෙම ක්‍රියාවලිය සහ මැමත් සතුන් නිර්මාණය කිරීම සඳහා සඳහා AI තාක්ෂණය භාවිතා කිරීම විශේෂත්වයක්.
එමෙන්ම අප්‍රිකාවේ Botswana අලි ඇතුන් මධ්‍යස්ථානයේ භාවිතා කරන AI තාක්ෂණය මේ සඳහා සුදුසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)