ජපානයට ගොඩ බැසීමට ගිය ඇමරිකානු ගුවන් යානයට වැඩ වරදී



සෙබළුන් අට දෙනෙකු සමඟ ඇමරිකානු හමුදා ගුවන් යානයක් ජපානයේ වෙරළට ඔබ්බෙන් කඩා වැටී තිබෙනවා.

එය CV-22 Osprey වර්ගයේ ගුවන් යානයක් වන අතර යකුෂිමා දූපත ආසන්නයේ දී කඩා වැටුණු බවයි ජපාන නිලධාරීන් පැවසුවේ.

ගුවන් යානය යකුෂිමා ගුවන් තොටුපොළට ගොඩබෑමට සැරසෙන අවස්ථාවේ දී ගිනිගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් යානයේ ගමන් ගත් පිරිස මුදවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)