04 December 2025

logo

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 03ක ආධාරයක්



ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සඳහන් කළේ ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මෙම ප්‍රධානය සිදු කරන බවයි. 

පසුගියදා සිදු වූ ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට ඇමරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබාදීමට නියමිතයි.
 
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමට ඇමරිකානු එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. 

(colombotimes.lk)