මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගමම්මාන නැවත මතු වෙමින් පවතිනවා.
මොරගහකන්ද ජලාශයේ ජලය පිරීම සමඟ ගම්මාන හතක් පමණ ජලයෙන් යටවුණා.
මේ දිනවල ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතින අතර ඇලහැර හෙට්ටිපොළ පැරණි මාර්ගය මේ වන විට නැවත දැකගැනීමට හැකිවී තිබෙන බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම ජලයෙන් යටවුණු කොන්ගහවෙල රෝහල, රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත ජනතාවට දැක බලා ගැනීමට හැකිවී තිබෙනවා.
අඹන්ගඟ හරස්කොට මොරගහකන්ද ජලාශය ඉදි කෙරුණු අතර මේ වන විට අතීතයේ ගලාගිය අඹන් ගඟ ද පෙනෙන්නට තිබෙනවා.
(colomboimes.lk)