තල්මසුන් යනු ඉතා බුද්ධිමත් ක්ෂීරපායි සතුන් කොට්ටාශයක් ලෙසයි සැලකෙන්නේ.
නමුත් නව අධ්‍යනයකින් තල්මසුන් පිළිබඳව වෙනස්ම කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට පරීක්ෂකයින් සමත්වී තිබෙනවා.
මෙම අධ්‍යනය Exeter සහ York විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකර තිබුණා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ, වැඩිහිටි කාන්තා තල්මසුන් සටනකදී තම පිරිමි පැටවුන් පමණක් ආරක්ෂා කරන බවයි.
එමෙන්ම තම පිරිමි පැටවුන්ගේ ජීවන අවස්ථා ඉහළ නැංවීමටද තල්මස් මව කටයුතු කරන බව සඳහන්.
මෙහිදී ඔවුන් කාන්තා පැටවුන් නොසලකා හරින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(colombotimes.lk)