15 February 2025


පාරිසරික ගැටලු කියන්න නව WhatsApp අංකයක්



පරිසර අමාත්‍යාංශය විසින් පරිසර නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීමට සහ එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම වෙනුවෙන්.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ 0766412029 යන දුරකථන අංකයට පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කෙටි පණිවිඩයක් යැවීම හැකි බවයි.

මෙම සේවාව සඳුදා දින සිට සිකුරාදා දින දක්වා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා සක්‍රීය බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)