අඩු මිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින්.
සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර සඳහන් කළේ මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීති විරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බවයි.
එමගින් රජයට හිමි වන බදු ආදායම අහිමි වී ඇති බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)