තම ඥාති පුද්ගලයෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිදුවීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එවැනි වංචනික ක්‍රියා රැසක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.
මේ පිළිබඳව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අදහස් පල කළා.
එම අදහස් පහත පරිදි...
'හදිසි අනතුරට ලක්වෙලා තියෙනවා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කඩිනමින් සල්ලි ගිණුමකට දාන්න මෙවැනි දේවල් කියමින් ජාවාරම් කරුවන් මිනිස්සුන්ව වංචා සහගත ලෙස විවිධ රැවටිලිවලට යොමුකරන අවස්ථාවන් නිරික්ෂණය වෙනවා... පසුගිය දින කිහිපය තුළ වාර්තා වුණා...විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ මව්පියන්ට දුරකථන ඇමතුම් දෙනවා යම් පිරිසක් විසින්...මේ දරුවා හදිසි අනතුරකට ලක්වෙලා තියෙනවා පාසලේ අධ්‍යාපනය ලබන වෙලාවේ ක්ෂණිකව රෝහල්ගත කළා... දරුවට ප්‍රතිකාර කිරීම සඳහා ලක්ෂයක් හෝ දෙකක් අවශ්‍යයි... මම මේ වෛද්‍යවරයා කතා කරන්නේ ඉක්මනින්ම ඒ මුදල දාන්න දරුවා බේරගන්න කියලා... එතකොට මව්පියන් කලබල වෙනවා ඔවුන් දෙන ගිණුම් අංකයට කඩිනමින් පරික්ෂා කරන්නේත් නැතිව මුදල් දාන්න කටයුතු කරනවා... මෙවැනි ආකාරයකට විටින් විට මෙවැනි ඇමතීම් කරන්න පුළුවන් මීට පෙර අවස්ථාවලදී අපිට වාර්තා වෙලා තියෙනවා...'
(colombotimes.lk)