06 July 2025

logo

BUDGET TIMES 2024 | ආර්ථික අර්බුදය නිසා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීමට කටයුතු කෙරේ



ආර්ථික අර්බුදය නිසා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළා. 

එහිදී කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන කර තිබෙනවා. 
 
එමෙන්ම පසුගිය වසර කීපය තුළ නිසි ලෙස නඩත්තු නොවුන අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
 
මේ අතර ස්වභාවික විපත් නිසා හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)