HIV අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සඳහා 'ප්‍රෙප්' නැමති නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.
දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබාගත හැකි බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළා.
මේ අතර මේ වසරේ මුල් කාර්තුව තුළ HIV නව ආසාදිතයින් 165 දෙනෙකු වාර්තා වී ඇති බව ඇය පෙන්වා දෙනවා.
(colombotimes.lk)