16 December 2025

logo

සා/පෙළ ප්‍රතිඵල කල් යයි?



අයහපත් කාලගුණය හේතුවෙන් 2023 (2024) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කරන දිනය සංශෝධනය කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට රාජකාරි සඳහා පැමිණීමේදී සිදුවිය හැකි අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව ජුනි 06 වනදා ආරම්භ කිරීමට තිබූ පළමු අදියරේ ඇගයීම් ජූනි 8 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ජුනි 08 වනදා සිට ජුනි17 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 101කදී උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)