සඳ මතදී යානයක් පෙරළෙයි



ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක් වන Intuitive Machines ආයතනය විසින් Odysseus නම් යානය සාර්ථකව සඳ මතට පතිත කළා.

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී ඇති බවයි.

එසේ වුවත් යානය ඉතා හොඳින් ක්‍රියාකරන බවයි Intuitive Machines සමාගමේ හිමිකරු වන Steve Altemus විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙන්නේ.
(colombotimes.lk)