26 January 2026

logo

පින්බර පොසොන් පොහෝ දිනය අදයි



මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පොහොය දිනය අදට යෙදී තිබෙනවා. 

ඉන්දීයාවේ පැවැති තෙවන ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක රජුගේ අනුග්‍රයෙන් මිහිඳු හිමියන් ඇතුළු පිරිස මිහින්තලා පවුවෙන් මෙරටට වැඩම කළා. 
 
එවකට මෙරට පාලනය කරමින් සිටි දේවානම්පියතිස්ස රජු ද මිහිඳු හිමිගෙන් දහම් අසා සඳහම් සරණ ගිය අතර මිහිඳු හිමියන්ගේ ආගමනය සමඟ ලක් දිව සංස්කෘතික වෙනසක් ද සිදුවුණා. 
 
මිහිඳු හිමියන් සමඟ 18 කුලයක ශිල්ප ශ්‍රේණි ද ලංකාවට ලැබුණා.
 
අධ්‍යාපනය, සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකර්මාන්තය මෙන්ම සාරධර්ම පිරි සමාජයක් ද ලැබීම පොසොන් පොහොය අර්ථ සම්පන්න කරන්නක්. 
 
සංස්කෘතියට මුල් තැන දෙමින් උත්සවශ්‍රියෙන් පොසොන් සැමරීම ලාංකීය බෞද්ධයන්ගේ සිරිතක්.
(colombotimes.lk)