පාඨලීගෙන් අනාවැකියක්



මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස සියයට 9ක් පමණක් නමුත් පාර්ලිමේන්තුවේ සියයට 51ක බලයක් ඔවුන් සතු බව කී මන්ත්‍රීවරයා එය සාධාරණ නොවන බව සඳහන් කළා.
(colombotimes.lk)