colombotimes.lk
සිංහල | English

09 May 2024

ලන්ඩනයේ පලස්තීන හිතවාදී විරෝධතා පා ගමනක්



පලස්තීන සහයෝගිතා ව්‍යාපාරය විසින් මධ්‍යම ලන්ඩනයේ පලස්තීන හිතවාදී විරෝධතා පා ගමනක් සංවිධාන කර තිබෙනවා.

ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල - හමාස් යුද්ධයට කඩිනම් සටන් විරාමයක් අවශ්‍ය බව විරෝධතාකරුවන් පවසනවා.

විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරින් 1,500ක් පමණ යොදවා තිබූ අතර, විරෝධතාව අතරතුර පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)