20 December 2025

logo

මෙරට හොඳම සරසවි 05 ක් ගැන අසුබ ආරංචියක්



මේ වසර අවසාන වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් සියයට පනහක පමණ පුරප්පාඩු ඇතිවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. 

ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙරට පළමු පෙළේ විශ්වවිද්‍යාල පහම පසුබෑමට ලක්ව ඇති බවයි ඔහු සඳහන් කළේ. 
 
කෝප් කමිටුව හමුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී මහාචාර්යවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)