මෙරට තායිලන්ත තානාපති Paitoon Mahapannapo සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් පසුගියදා පවත්වා තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.
එහිදී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා තායිලන්ත රජයේ සහය අඛණ්ඩව ලබාදෙන බව තානාපතිවරයා ප්‍රකාශ කළා.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70වන සංවත්සරය වෙනුවෙන් මහනුවර ජාතික රෝහල කේන්ද්‍ර කර ගනිමින් විකලාංග වෛද්‍ය හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවද තානාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)