07 July 2025

logo

පොලිස්පතිගෙන් පොරොන්දුවක්



මෙම වර්ෂය තුළ දී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවති පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩසටහනේ පළමු අදියර නිමාවට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තිස් අවුරුදු යුද්ධය පරාජය කළ ආකාරයටම ස්ථිර වශයෙන්ම මේ වසර තුළදී ශ්‍රී ලංකා පොලීසියේ මෙහෙයවීම තුළ මත්ද්‍රව්‍ය උවදුරින් ශ්‍රී ලංකාව මුදා ගන්නා බවයි.

(colombotimes.lk)