26 January 2026

logo

විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් රතු එළියක්



සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය ලබන 28වනදා අවසන් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ නිසි විසඳුම් නොලැබුණහොත් ලබන 28වනදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්, මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

(COLOMBOTIMES.LK)