colombotimes.lk
සිංහල | English

22 October 2024


ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් ගැන හෙළිදරව්වක්



ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුවයි.

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය බංග්ලාදේශය, දෙවන ස්ථානය නේපාලය, පස්වැනි ස්ථානය ඉන්දියාව සහ හත්වැනි ස්ථානය පාකිස්ථානය හිමි කරගෙන තිබෙනවා.

ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෆින්ලන්තය දෙවන ස්ථානයත්, නොර්වේ රාජ්‍යය තෙවන ස්ථානයත්, නවසීලන්තය සිව්වන ස්ථානයත්, ස්වීඩනය පස් වන ස්ථානයේත් පසුවන බවයි.
(colombotimes.lk)