මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා.
එම කාර්යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ, මධ්‍යම ලාදුරු සායනයේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා පවසා සිටියේ, මේ වනවිට රෝගීන් 127ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.
එමෙන්ම මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලාදුරු රෝගීන් 120ක් පමණ වසරකට වාර්තා වන බව එම මාධ්‍ය හමුවට එක්වු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මංජුලා තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළා.
මේ වසරේ මුල් මාස 6තුළ මොරටුවෙන් ලාදුරු රෝගීන් 51 දෙනෙක් වාර්තා වී ඇති අතර, ඒ අතර අවුරුදු 14ට අඩු දරුවන් 8 දෙනෙක් සිටින බව ද ඒ මහත්මිය කියා සිටියා.
(colombotimes.lk)