22 February 2025


‍සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුම දියුණු කිරීමට වැඩසටහන් මාලාවක්



‍සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුම දියුණු කිරීමට වැඩසටහන් මාලාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ  වෘත්තීය දැනුම, කුසලතාවයන්, සංවර්ධනය සහ නිපුණත්වයන් දියුණු කර මෙරට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවලින් ප්‍රතිකාර සහ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට සහ ජනතාවට විශිෂ්ට, ගුණාත්මක සේවාවක් නිරතුරුව ලබාදීම අරමුණ කර ගනිමින්.

එහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ ප්‍රමිතියකින් යුතුව දැනටමත් ජනතාවට සපයන සේවාවන්හි ප්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීමට මෙවැනි පුහුණු වැඩසටහන් වැදගත් වන බවයි.

(colombotimes.lk)