පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (27) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 899,305ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එය ඊයේ (26) සටහන් වුණේ රුපියල් 899,222ක් ලෙසයි.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 232,700ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,090ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,730ක් ලෙස සටහන් වුණා.