06 July 2025

logo

රන් මිලෙහි සුළු වෙනසක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (11) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 999,054ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය පසුගිය 09වනදා සටහන් වුණේ රුපියල් 990,433ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 258,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,320ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,250ක් ලෙස සටහන් වුණා.
 
(colombotimes.lk)