06 July 2025

logo

බ්‍රිතාන්‍යයෙන් පැනවූ සම්බාධක ගැන නාමල්ගෙන් විශේෂ සටහනක්



බටහිරයන් එල්. ටී. ටී. ඊ. ම්ලේච්ඡත්වයට අරමුදල් සැපයූ සහ සාධාරණීකරණය කළ අය නොසලකා රණවිරුවන් ඉලක්ක කරමින් කටයුතු කරන බව නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ මෙරට හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙක්ට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සිය X ගිනිමේ සටහනක් තබමින්.

මෙම සම්බාධක හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙලන බවත් ඔවුන්ට සහය නොදක්වන්නේ නම් සටන් කිරීමට ඔවුන්ට ධෛර්යයක් නොමැති විය හැකි බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් වනවා.



(colombotimes.lk)