31 December 2025

logo

පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක්



පොසොන් උත්සවය නිමිත්තෙන් අද (20) සිට විශේෂ බස් රථ සේවාවක් යොදවා තිබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය දක්වා අතිරේක බස් රථ 400ක් පමණ යොදවා තිබෙන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)