මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්.
මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළා.