colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs ENG - 1Test | ශ්‍රී ලංකා දෙවන ඉනිමත් නිමයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 205ක ඉලක්කයක් හිමි වුණා.

තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 326ක් රැස් කරගත්තා.
 
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236ක් වන අතර එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් රැස් කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හිමි වන ඉලක්කය ලකුණු 205ක්.

(colombotimes.lk)