16 October 2025

logo

කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලන්කන් නැවතත් ගොඩබස්වයි



ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ අද (19) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක්.

ගුවන්ගත වී මිනිත්තු 40කට ආසන්න කාලයක් පියාසර කළ යානයක් නැවත මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.

එහි ගමන් කළ ගුවන් මගීන් අනතුරුව වෙනත් ගුවන් යානා මගින් ගමනාන්තය වෙත පිටත්කර යැවීමට පියවර ගෙන තිබුණු බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)