15 February 2025


විද්‍යාපිඨ පද්ධතිය තුළ ලබාදෙන ගුරු පුහුණු අධ්‍යාපනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්



ගුරුවරුන් බිහිකරන මෙරට විද්‍යාපිඨ පද්ධතිය තුළ ලබාදෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස් වී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විද්‍යාපිඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් පොළොන්නරුව, පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ සංවිධානය කළ 'පුළතිසිය තරුණයි' සැමරුම් උත්සවය අමතමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ රට තුළ ඇති කළ යුතු පරිවර්තනය සිදු කිරීමට නම් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනස්කම් සිදු විය යුතු බව රජය අවබෝධ කරගෙන ඇති බවයි.

(colombotimes.lk)