04 July 2025

logo

ඇමති මනූෂ, සීනි බදු ගැන පරීක්ෂණයක් ඉල්ලයි



සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි ප්‍රශ්ණ කර සිටින බවත්, බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. 

සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්ද? සහ කිසිවෙක් මේ පිළිබඳ තොරතුරු එළියට ලබා දුන්නේද යන්න පිළිබඳ අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළා. 
 
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
(colombotimes.lk)